Homeජාත්‍යන්තරගාසා සටන් විරාමය ගැන සාකච්ජාවක්

ගාසා සටන් විරාමය ගැන සාකච්ජාවක්

ගාසා තීරයට විදුලි සැපයුම අත්හිටුවීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.

ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය එලී කොහෙන් X සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ගාසා තීරයට විදුලිය සැපයීම වහාම අත්හිටුවන වන අතර ‘සාකච්ජා කර අවසන් දැන් තිබෙන්නේ ක්‍රියාත්මක වීමට කාලය’ බවය.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මිට සතියකට පෙර රාමසාන් සම‍යේදී ගාසා තීරයට ලබා දුන් සියලු අත්‍යවශ්‍ය ආධාර අත්හිටුවීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කළ බවය.

ජනවාරි 19 වන දා සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අදියර තුනක් යටතේ ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමට සාම ගිවිසුමකට එළැඹිණි.

එම ගිවිසුමේ පළමු අදියර දීර්ඝ කිරීමට ඊශ්‍රායලයට අවශ්‍ය වන අතර හමාස් කණ්ඩායමට අවශ්‍ය වන්නේ,දෙපාර්ශ්වය ම පෙර එකඟ වූ පරිදි දෙවන අදියර දක්වා සාම ගිවිසුම ඉදිරියට පවත්වා ගෙන යෑමට ය.

කෙසේ නමුත්, ඊජිප්තුව, කටාර් සහ එක්සත් ජනපදය යන රටවල මැදිහත්කරුවන් ලෙස ඊශ්‍රායලය සහ ගාසා තිරයේ සටන් විරාම ගිවිසුම පිළිබඳ අද සාකච්ජාවක් පැවැත්වේ.

2023 ඔක්තෝම්බර් 7 වන දා ආරම්භ කෙරුණ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුමෙන් අවම වශයෙන් පුද්ගලයන් 50,000කට සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර ගාසා තීරයේ විශාල ප්‍රදේශයක් සුන්බුන් බවට පත්ව තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments