Homeක්‍රීඩාICC ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට

ICC ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට

ICC ශූරයන්ගේ කුසලානය තුන්වැනි වරටත් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබිණි.

මෙවර පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැති ICC ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඩුබායිහි පැවැති අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 04ක ජයක් වාර්තා කරමින් ඉන්දීය කණ්ඩායම මෙලෙස ශුරතාව හිමිකර ගත්තේය.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයගනිමින් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 251ක් රැස්කළේය.

එහිදි ඩැරල් මිචෙල් (63) සහ මිචෙල් බුාස්වෙල්(නොදැවි 53)ක් රැස්කළහ.

පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ඉන්දීය කණ්ඩායම 49 වැනි පන්දුවාරය අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 254ක් ලබාගනිමින් අවසන් තරගය ජයග්‍රාහණය කළේය.

රෝහිත් ෂර්මා ලකුණු 76කට දැවීගිය අතර, ආරම්භක පිතිකරු සුබ්මන් ගිල්ගේ කඩුල්ල ලබාගැනීමට නවසිලන්ත කණ්ඩායාමේ තුන්ඉරියව් ක්‍රිඩක ග්ලෙන් පිලිප්ස් රැකගත් සුපිරි උඩපන්දුව කාගෙත් අවධානයට ලක්විය.

ශුරතාව ජයගත් ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් සහ අනුශුරයන් වු නවසිලන්තයට ඇමරිකානු ඩොලර් මිලියන 1.12ක මුදලක් පිරිනමන ලදී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments