Homeඅධ්‍යාපනික2025 ගුරු මාරු අප්‍රේල් මාසයේ

2025 ගුරු මාරු අප්‍රේල් මාසයේ

2025 වර්ෂයට අදාළ ගුරු ස්ථාන මාරු ලබන අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු සංඛ්‍යාව 1,334යි 2025.02.28 වැනි දිනට. අධ්‍යාපනඥ සේවයේ 1,310යි මේ දක්වා. විදුහල්පති සේවය 1,610යි 2024.12.31 වැනිදා වන විට. බඳවා ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග ගෙන ඇත. සීමිත පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියට නිලධාරීන් 442ක් බඳවා ගැනීමට අදාළ තරග විභාගය පවත්වා ඊට අදාළ ලේඛන යොමු කර ඇත. විවෘත පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 03 වැනි ශ්‍රේණියට 113ක් බඳවා ගැනීමට අදාළ තරඟ විභාගය පවත්වා ඊට අදාළ ලේඛන යොමු කර ඇත. ඒ අනුව
පුරප්පාඩු 555ක් ඉදිරි මාස 03 ඇතුලත කඩිනමින් පුරවා ගැනීම සිදු කර තවදුරටත් සම්පූර්ණ කළ යුතු පුරප්පාඩු 779ක් පිරවීමට තරග විභාගයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරනු ලැබේ.විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් විදුහප්පති සේවයේ 2025.01.01 දිනට පවතින පුරප්පාඩු
සංඛ්‍යාව ගණනය කර ඒ අනුව නව තරග විභාගයක් පවත්වා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට නිලධාරීන් බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා 2025.01.31වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත.
මේ සඳහා අනුමැතිය ලද පසු බඳවා ගැනීම් කඩිනමින්
සිදු කිරීමට කටයුතු කරනු ලැබේ. අධ්‍යාපනඥ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පහත පරිදි වේ. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ
සේවය සඳහා අනුමත සේවක සංඛ්‍යාව 2098ක් වන අතර දැනට නිලධාරීන් 788ක් සේවයේ නියුතු වේ. ඒ අනුව අද වන විටත් නිලධාරීන් 1310ක පුරප්පාඩුවක් පවතී. රජය ප්‍රතිපත්ති තීරණයක් මත 2022 වසරේ බඳවා ගැනීම් සමාලෝචනය කර ඇති බැවින් සුදුසුකම් ලද විගස සුදුසුකම් ලබා ගැනීමේ සම්මුක පරීක්ෂණ පවත්වනු ලැබීය.ඒ අනුව විවෘත පදනම මත නිලධාරීන් 384ක්, සීමිත පදනම මත නිලධාරීන් 706ක් ඇතුළු නිලධාරීන් 1,090ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා අදාළ තරග විභාග 2021 වසරේදී පවත්වා ප්‍රතිඵල 2022 වසරේ නිකුත් කර ඇත. නිලධාරීන් 1,090ක් බඳවා
ගැනීමෙන් පසුව තවදුරටත් පවතින 225ක් වූ පුරප්පාඩු පවතිනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments