ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාපාරික අවස්ථා වැඩි කරගැනීම සඳහා විමසීමට පත්කර ඇති කමිටුව නියෝජනය කරන දක්ෂ ප්‍රවාහන ව්‍යාපාරිකයෙක් වූ සමගි ජන බලවේග මන්ත්‍රී ජගත් විතානගේ ව්‍යාපාරික ඥානය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට රජය බලාපොරොත්තුවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් ඔහු කීවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සාර්ථකත්වය ඔප්පු කළ විශිෂ්ට ව්‍යාපාරිකයෙක් වූ ජගත් විතාන මන්ත්‍රීවරයා ඩිපෝවකින් ඩිපෝවකට රැගෙන ගොස් ඔහුගෙන් අදාල උපදෙස් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ඇමති බිමල් රත්නායක පැවසුවේය. ජගත් විතාන මන්ත්‍රීවරයා ඒ සඳහා ලබා දෙන නිර්මාණාත්මක සහයෝගය ගැන ද ඇමතිවරයා ස්තුතිය පළ කළේය.
ඇමතිවරයා කීවේ මෙවැන්නකි.
දුම්රිය, ඒ වගේම බස් ස්ටෑන්ඩ්වල අති විශාල ව්‍යාපාරික අවස්ථා තියනවා. ප්‍රධාන ව්‍යාපාරය ඉතිරි කරගෙන, දුම්රිය දුම්රියේ වැඩේ කරන අතරෙ ඒකට අනෙක් ආධාරක ව්‍යාපාර කොහොමද සංවර්ධනය කරන්නේ කියලා බලන්න අපි චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතිතුමාගේ නායකත්වයෙන් උප කමිටුවක් පත් කරලා තියනවා.
මම ඉතාමත්ම සතුටු වෙනවා ඒ උප කමිටුවට අපේ ජගත් විතාන මන්ත්‍රී තුමා, සජබේ මන්ත්‍රීතුමෙක්… එතුමා ඉතාම දක්ෂ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙක්. අපි එතුමා සම්බන්ධ කරන් තියනවා.
අපි බලාපොරොත්තු වෙනවා එතුමාව ඩිපෝවකින් ඩිපෝවකට ගෙනියන්න. ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනිහින් එතුමාගේ ව්‍යාපාරික ඥානය යොදා ගන්න කොහොමද ඩිපෝවල එක් එක් ව්‍යාපාරික අවස්ථා වැඩි කරගන්නේ කියලා. එතුමා ඒක ඔප්පු කළ පුද්ගලයෙක්.
අපි දේශපාලන වශයෙන් කඳවුරු දෙකක වුනාට එතුමා ඉතාම කන්සට්‍රක්ටිව් සේවයක් කරනවා. මම හිතනවා අනික් මන්ත්‍රීතුමාලත් එතුමාගෙන් ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා.