Homeජාත්‍යන්තරපැරිසියෙන් මතුවූ බෝම්බය

පැරිසියෙන් මතුවූ බෝම්බය

යුරෝපයේ කාර්ය බහුලතම දුම්රිය ස්ථානය ලෙස සැලකෙන ගාරේ ඩු නෝර්ඩ් දුම්රිය ස්ථානය අසලින් සොයා ගැනුනු දෙවන ලෝක යුද්ධ සමයට අයත් බෝම්බයක් හේතුවෙන් මේ වන විට එම දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන සියළු දුම්රියන් අවලංගු කර තිබෙනවා. එක් දිනකට මගීන් ලක්ෂ 6 ක් පමණ භාවිතා කරන දැවැන්ත දුම්රිය ස්ථානයක් වන ගාරේ ඩු නෝර්ඩ් සිට ලන්ඩන ඇතුළු යුරෝපයේ රටවල් රැසකට සෘජු දුම්රිය සේවා ක්‍රියාත්මක වෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුකල නඩත්තු කටයුතු අතර තුර දුම්රිය මාර්ගය යට වලලා තිබූ මෙම බෝම්බය සොයා ගෙන ඇති අතර එය දෙවන ලෝක යුද්ධයේදී වළලා ඇති එහෙත් පුපුරා නොගිය බෝම්බයක් බවට සැක කරයි. පැරිසියෙන් මෙවැනි බෝම්බ සොයා ගැනීම අසාමාන්‍ය සිදුවීමක් නොවන බවත් දෙවන ලෝක යුද සමයේදී ජර්මානු යුධ මෙහෙයුමි කඩාකප්පල් කිරීම සදහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව විසින් නිරන්තරයෙන්ම පැරිසියේ දුම්රිය ස්ථාන ඉලක්ක කරගෙන ඇති බව සදහන් වේ.

යුරෝපය හා ලන්ඩන් යා කරන ප්‍රධානම ගොඩබිම් මාර්ගය වන යුරෝ ස්ටාර් දුම්රියද සම්පූර්ණයෙන් නතර කර දමා ඇති අතර වෙනත් විකල්ප ප්‍රවාහන මාර්ග භාවිතා කරන ලෙස මගීන්ට දැනුම් දෙනු ලැබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments