Homeදේශීයජපන් ව්‍යාපෘති 18න් හයක් නතර කරලා

ජපන් ව්‍යාපෘති 18න් හයක් නතර කරලා

2015 වසරේ සිට මේ දක්වා ජපන් ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ව්‍යාපෘති සංඛ්‍යාව 18 ක් බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට අදාල පිළිතුර සභාගත කර ඇත.

එම ව්‍යාපෘතිය අතුරින් ව්‍යාපෘති හයක් නවතා දමා ඇතැයි සඳහන්. ඒ අතරින් දෙදහස් දහ නවය වසරේ නවතා දමන ලද සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය රටේ වර්තමාන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ නම් ජපාන රජය සමඟ නව සාකච්ඡාවක් ඇරඹිය යුතුය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අප ජල පවිත්‍රාගාර ඉදිකිරීම් ව්‍යාපෘතිය මහජන විරෝධතාවය හේතුවෙන් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments