2024 වසර තුළ ශ්‍රී ලංකන් ආයතනයේ ගුවන් ගමන් 11349ක් අතුරින් ගුවන් ගමන් අවලංගු කිරීම් 1040ක් සිදුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට අදාල පිළිතුර සභාගත කර ඇත.
2024 වසර තුළ ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනය නියමිත වේලාවට වඩා මිනිත්තු පහළොවක් ප්‍රමාද වී සිදුව ඇති ගුවන් ගමන් ප්‍රමාණය 3821ක් වන අතර මිනිත්තුත් තිහක් ප්‍රමාද වී සිදුවූ ගුවන් ගමන් ප්‍රමාණය 2474 ක් බව සඳහන්.
මේ හේතුවෙන් ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයට දැරීමට සිදුවූ අමතර පිරිවැය ඇමෙරිකන් ඩොලර් මිලියන 9.8 කි.