Homeදේශීයප්‍රශ්න අහපු මන්ත්‍රීවරු පස්දෙනාම සභාවේ නෑ

ප්‍රශ්න අහපු මන්ත්‍රීවරු පස්දෙනාම සභාවේ නෑ

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද දිනයේ වෙන්කර තිබූ ප්‍රශ්න පහ ඇසීමට විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු පැමිණ නොසිටීම විශේෂත්වයක්.

අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ කිරීමට පෙර මෙම ප්‍රශ්න ඇසීමට අවස්ථාව යෙදී තිබේ.

රෝහණ බණ්ඩාර,නීතිඥ දයාසිරි ජයසේකර,කිංස් නෙල්සන්,නලින් බණ්ඩාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් මෙසේ සභාවට පැමිණ සිටියේ නැහැ.

ප්‍රශ්න ඇසීම සඳහා දෙවන වටයේදී නීතිඥ දයාසිරි ජයසේකර මහතා සභාවට පැමිණ සිටිනු දක්නට ලැබිණ.

මෙම ප්‍රශ්න පහ අතුරින් ප්‍රශ්න හතරකටම පිළිතුරු සභාගත කරනු ලැබිණි.චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පමණක් පිළිතුරු සැපයීමට සති දෙකක කාලයක් ඉල්ලා සිටින ලදී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments