Homeදේශීයත්‍රිවිධ හමුදාවෙන් පැන්න 679ක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදාවෙන් පැන්න 679ක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාශය පවසනවා.

ඉකුත් පෙබරවාරි මස 22වනදා සිට මේ දක්වා කාලය තුළ පොලීසිය හා යුද හමුදා පොලීසිය එක්ව සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් බහුතරය යුද හමුදා සමාජිකයන් වන අතර, එම සංඛ්‍යාව 535කි.

ඊට අමතරව නාවික හමුදාවේ 63 දෙනෙකුද, ගුවන් හමුදාවේ 81 දෙනෙකුට මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටියි.

පසුගියදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාද පවසා සිටියේ ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට තමන් නියෝග කළ බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments