Homeදේශීයරනිල් ගැන කීව ඒවට හර්ෂන සමාව ගන්න.ජීවන් ඉල්ලයි

රනිල් ගැන කීව ඒවට හර්ෂන සමාව ගන්න.ජීවන් ඉල්ලයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෑතකදී කළ ප්‍රකාශයක් පිළිබඳව සමාව අයැද සිටින ලෙස හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් ඉල්ලා සිටියේය.

අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්, අධිකරණ අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා සොරකු සහ යාචකයකු ලෙස සඳහන් කරමින් කළ ප්‍රකාශය ගැන සඳහන් කළේය.

“අද ඔබ සැමට ඡන්දය දී ඔබේ ආසනවල වාඩි වී සිටින්නේ ජනතාවට වෙනසක් අවශ්‍ය වූ නිසා. ජනතාවට පරිපාලනය සම්බන්ධයෙන් පමණක් නොව දේශපාලන සංස්කෘතිය අනුවද වෙනසක් අවශ්‍ය වුණා” ඔහු පැවැසීය.

රට බේරාගත් අයෙකු සොරකු සහ යාචකයකු ලෙස හැඳින්වීම අතාර්කික බව ප්‍රකාශ කළ මන්ත්‍රී තොණ්ඩමන්, අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළාදකිමින් ඔහු සමාව අයැදිය යුතු බව අවධාරණය කළේය.

දූෂණයන්ට අදාළ නම් සහිත ලැයිස්තු සම්බන්ධයෙන් පියවර ගැනීම වෙනුවට, ඒවා හුදෙක් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා රජයට දෝශාරෝපණය කළේය.

“නීතිවිරෝධී ලෙස යමක් කර තියෙනවා නම් අවශ්‍ය පියවර ගන්න. එහෙම නැතුව නීතිවිරෝධී නැත්නම් බොරුවට ලැයිස්තුවක් ප්‍රදර්ශනය කිරීමේ තේරුම මොකද්ද” යැයි ඔහු ප්‍රශ්න කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments