Homeක්‍රීඩා75වන 'මොරටු රන් සටන' ජයපරාජයෙන් තොරව අවසන්

75වන ‘මොරටු රන් සටන’ ජයපරාජයෙන් තොරව අවසන්

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමාර විද්‍යාලය අතර 75වන වරට පැවති ‘මොරටු රන් සටන’ ජයපරාජයෙන් තොරව අද අවසන් විය.

මෙම තරගය මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තෙදිනක් පුරා පැවැත්විණි.

පළමුව පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 161ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 208ක් රැස්කිරීමට සමත් විය.

ලකුණු 47ක් පසුපසින් සිටිමින් වේල්ස් කුමර විදුහල යළි දෙවැනි ඉනිම ආරම්භ කළේය.

ඒ අනුව තරගය තෙවන දිනය වූ අද අවසන් වනවිට ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස්කරගෙන සිටියේය.

1933 වසරේ දී ආරම්භ කරනු ලැබූ මොරටු රන් සටන විසඳුමකින් තොරව අවසන් වූ 66වන අවස්ථාව මෙයයි.

තරග ඉතිහාසය තුළ වේල්ස් කුමාර විදුහල අවස්ථා 6කදීද, ශා. සෙබස්තියන් විදුහල අවස්ථා 3කදී පූර්ණ ජයග්‍රහණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments