Homeපුවත්බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවයට විදේශගත කරලා

බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවයට විදේශගත කරලා

නේවාසික පුහුණුවක් ලබා නොදී ගෘහ සේවිකාවන් 28165 ක් පළමුවරට විදේශගතකිරීම හේතුවෙන් රු. 631,177,650/= ක පුහුණු ආදායමක් කාර්යංශයට අහිමි වී ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) රැස්වූ අවස්ථාවේදී අනාවරණය විය. රුපියල් 22410 /= ක ගාස්තුවක් අයකර දින 28 නේවාසික පුහුණුවක් පැවැත්විය යුතුව තිබුණද මෙම පුහුණුව ලබාදීම සිදු කොට නැති බව මෙහිදී අනාවරණය වූ අතර එම පුහුණුව වෙනුවට භාෂා පරිවර්තකයින් තිදෙනෙක් යොදාගනිමින් දිනකට 390 දෙනෙකු පමණ සම්මුඛ පරීක්ෂණයට ලක් කොට ඇති බව මෙහිදී හෙළි විය. මෙම සම්මුඛ පරීක්ෂණයද වීඩියෝ පටයක් පරීක්ෂා කිරීම මගින් පමණක් සිදු වී ඇති බවද මෙහිදී අනාවරණය වූ අතර මෙම අපරික්ෂාකාරී තත්ත්වය නිසා 2023 මැයි සිට 2024 ජුනි දක්වා බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවය සඳහා විදේශගතවී ඇති බවද අනාවරණය විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments