සියළු ජනතා ප්‍රශ්න වසර 2කින් විසඳිය නොහැකි බවත්, ඇතැම් ප්‍රශ්න විසඳීම එතරම් පහසු නොවන බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති ඉල්මහා විරු සමරුවේදී ටිල්වින් සිල්වා මේ බව පවසා සිටියා.
පක්ෂයක් ගොඩනගනවාට වඩා රටක් ගොඩනැගීම ඉතා අපහසු බවද ඔහු සඳහන් කළා.
මහා මාර්ග ඉදිකිරීමෙන් හෝ මෙට්‍රෝ බස් පාරට දැමීමෙන් සමාජයක් එකවර වෙනස්කළ නොහැකි බවද ටිල්වින් සිල්වා එහිදී පවසා සිටියා.
රට ගොඩනැගීමට නම් සියළුදෙනාගේ සාමූහිකත්වය සහ කැප කිරීම් අත්‍යාවශ්‍යවන බවයි ටිල්වින් සිල්වා වැඩිදුරටත් පවසා සිටියේ.



