Homeදේශීය159න් හිටියේ 88යි

159න් හිටියේ 88යි

ආරක්ෂක අමාත්‍යංශ වැය ශිර්ෂය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 78කින් සම්මත විය.

ඒ සඳහා පක්ෂව ඡන්ද 88 ක්ද විපක්ෂව ඡන්ද 10 ක්ද ලැබුණි.
පසුගියදා අයවැය දෙවන වර ඡන්ද විමසීමේදී අයවැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ සෙල්වම් අඩෙකලනාදන් සහ දෙවන වර ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ නොකළ රාමනාදන් අර්චුනා සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා සමග ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් හත්දෙනකු මෙම වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.
සමගි ජන බලවේගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ සිටිනු දක්නට නොලැබිණ.

RELATED ARTICLES

Most Popular

Recent Comments