Homeදේශීයආපහු තෙල් පෝලිමක්

ආපහු තෙල් පෝලිමක්

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුවන බවටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහතික වුවද මේවනවිට ඉන්ධන පිරවුම්හල්වලින් පිටත දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

කොමිස් ගාස්තු සම්බන්ධයෙන් රජය සමඟ ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 1400ක් නියෝජනය කරන ඛණිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය අද රාත්‍රියේ සිට නව ඉන්ධන ඇණවුම් කිරීම නවතා දමන බවට නිවේදනය කර තිබෙනවා.

සියලුම රාජ්‍ය ආයතනවලට ණයට ඉන්ධන සැපයීමද නතර කිරීමට එම සංගමය තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඉන්ධන පිරවුම්හල් ක්‍රියාකරුවන් සඳහා මූල්‍ය දුෂ්කරතා ඇති කර ඇති බව සංගමය ප්‍රකාශ කරන පරිදි බෙදාහරින්නන් සඳහා 3% ක කොමිස් මුදලක් අත්හිටුවීමට තෙල් සංස්ථාව ගත් තීරණයෙන් පසුව මෙම පියවර ගෙන තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments