ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ගුරු හිඟය 43273ක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසීය.
ඒ ස්ථාවර නියෝග 27 (2) යටතේ සර්ව ජන බලය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
2652 ක ජාතික පාසල්වල ගුරු හිඟයක් පවතින අතර,පළාත් සභා පාසල්වල ගුරු හිඟය 40,621කි.
ශ්‍රී ලංකාවේ දහම් පාසල් සංඛ්‍යාව 10,646ක් බවත් දහම් පාසල් ගුරුවරුන් සංඛ්‍යාව 123,931යි.