මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව දැනුම්දෙමින් අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළා.
එම නිවේදනයට අනුව මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ අයදුම්පත් හෙට සිට මාර්තු මස 28 වනදා ප.ව. 3.00 දක්වා භාරගනු ලබන බවයි පවසන්නේ.
අදාළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අදාළ පක්ෂයේ ලේකම්වරයා පෞද්ගලිකව පැමිණ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීම හෝ සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටිනවා.