Homeදේශීයඉදිරි මාස 8 බිම් මට්ටමට බිලියන 1400ක්

ඉදිරි මාස 8 බිම් මට්ටමට බිලියන 1400ක්

ඉදිරි මාස 8 තුළ බිම් මට්ටමේ ඵලදායී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 1,400ක පුනරාවර්තන වියදම් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3% සිට 4% දක්වා ඉහළ නැංවිය හැකි බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කලේය.

මෙම රැස්වීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර සහ දිස්ත්‍රික් ලේකම්වරුන් එක්ව සිටියේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments