Homeදේශීයසියලු දෙනා බලා සිටින්නේ වත්මන් ආණ්ඩුව වැටෙන තුරු

සියලු දෙනා බලා සිටින්නේ වත්මන් ආණ්ඩුව වැටෙන තුරු

රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම රජයට තනිව සිදුකළ නොහැකි බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

සියලු දෙනා බලා සිටින්නේ වත්මන් ආණ්ඩුව වැටෙන තුරු බවත්, නමුත්, වැටෙන්නේ පාලකයින් කවුරුත් නොව රටේ සමස්ත ජනතාව බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

වත්මන් ආණ්ඩුවට සියලුම දෙනා සහයෝගය ලබාදිය යුතු බවද ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර සිටියා.

අත පය ඇති, ඇස කන පෙනෙන සියලු දෙනා වැඩ කර උපයාගත යුතු බවත්, සෑම දේශපාලඥයාම ටික කාලයක් යන විට නිකම් කන්න දීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම රට වැටීමට හේතුවක් බවත් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments