Homeදේශීයවිශ්වාසභංගයට මොකද වෙන්නේ?

විශ්වාසභංගයට මොකද වෙන්නේ?

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පසු ඉවත් කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව එළැඹෙන 03 වැනි දින විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ කථානායකවරයාට ඉදිරිපත් කර ඇති චෝදනා 50 බරපතළ බවත් එය පසුගිය 12 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය.

පසුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය මෙම විශ්වාසභංගයේ ඇති කරුණු පිළිබඳව එහි ඇති කාර්යපටිපාටික කාරණා පිළිබඳව සෑහීමකට පත්වී න්‍යාය පුස්තකයට ඇතුළත් කර ප්‍රකාශයට පත් කළ බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පසු යෝජනා කිසිවක් ඉවත් කළ නොහැකි බවත් පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඉවත් කිරීමට අවශ්‍ය වේ නම් එය සියලු මන්ත්‍රීවරු විසින් ඉල්ලා අස්කරගත යුතු බවත් එසේ නොමැති නම් පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයකින් එය ඉවත් කළ යුතු බවත්ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments