Homeදේශීය2025 අවුරුදු නැකැත් වෙනසක් නෑ 2026 බලමු

2025 අවුරුදු නැකැත් වෙනසක් නෑ 2026 බලමු

එළැඹෙන 2026 වසරේ සිට සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක් දියත් කිරීමට අවධානය යොමුව තිබේ.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසක් අතර පැවැති හමුවකදීය.
සිය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා එහිදි එම ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිස අමාත්‍යාංශයේ මැදිහත්වීම ඉල්ලා තිබේ.

එහිදී ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ 2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සියල්ල මේ වන විට ජනගත වී ඇති බැවින් එහි කිසිදු වෙනස්කම් සිදු කිරීම සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරන බවය.

එහෙත් එළැඹෙන වසරේ සිට විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත් ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම අවශ්‍ය බවද ඔවුන් අවධාරණය කළේය.

ඒ අනුව එම ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු දෙනාට සිය යෝජනා ඉදිරිපත් කිරීමටත් අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ඔවුන්ට එක් දිනකදී රැස්වීමකට සහභාගී වීමටත් අවශ්‍ය වැඩපිළිවෙළක් සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments