Homeදේශීයමන්ත්‍රී නිවාස කුලිය 2000 රුපියල් 20,000 ක් කරන්න

මන්ත්‍රී නිවාස කුලිය 2000 රුපියල් 20,000 ක් කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන මාදිවෙල පිහිටි නිල නිවාස සඳහා කුලිය වශයෙන් අඩු මුදලක් අයකිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බව අනාවරණ වී තිබේ.

ජනමාධ්‍ය වාර්තා අනුව එම නිල නිවාසයක් සඳහා මාසික කුලිය වශයෙන් අය කෙරෙන්නේ රුපියල් 2,000 ක් වැනි මුදලකි.

මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වන බව වාර්තා වන අතර, පාර්ලිමේන්තු ආහාර වේල සඳහා මන්ත්‍රීවරුන්ගෙන් අයකෙරෙන මුදල ඉහළ දැමුවද මන්ත්‍රී නිවාස සඳහා අය කෙරෙන කුලිය එලෙසම පැවතීම ගැටළු සහගත බවත්, රටේ වත්මන් ආර්ථීක තත්ත්වයට සාපේක්ෂව මන්ත්‍රී නිල නිවාසවල කුලිය ඉහළ දැමිය යුතු බවත් පාර්ශව රැසක් රජයට පෙන්වා දී තිබේ.

එම පාර්ශව යෝජනා කර ඇත්තේ, මන්ත්‍රී නිවාස සඳහා අයකෙරෙන අඩු කුලී මුදල නිසා සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා එම නිවාස සඳහා කුලිය ලෙස රුපියල් 15,000 ක් හෝ රුපියල් 20,000 ක් පමණ අය කළ යුතු බවයි.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් රැසක් ද මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා අයකෙරෙන මුදල ඉහළ දැමුව ද ඉන් ආවරණය කෙරෙන්නේ ආහාර ද්‍රව්‍ය මිල පමණක් බව ද වාර්තා වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments