Homeදේශීයනලීන්ගේ ප්‍රකාශය නලින්ද ඉවත් කර ගනියි

නලීන්ගේ ප්‍රකාශය නලින්ද ඉවත් කර ගනියි

අද පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේගයේ රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් නිල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය තඹුත්තේගම දුම්රිය ස්ථානය සම්බන්ධයෙන් සිදු කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විවේචනයක් සිදු කළ අතර එම කතාව අතරතුර ඔහු කවිරත්න මන්ත්‍රීවරියට වෙනත් වාසගමක් ආරෝපණය කරමින් අදහස් දැක්වීමක් සිදු කළා.

මෙම ප්‍රකාශයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දැඩි විරෝධයක් පළ කළ අතර එල්ල වූ විරෝධය හමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා අදාළ ප්‍රකාශයෙන් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට යම් අගතියක් සිදු වූයේ නම් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරගන්නා බව ප්‍රකාශ කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments