Homeදේශීයජූනි 2 පළාත් පාලන ආයතන යළි ඇරඹෙයි

ජූනි 2 පළාත් පාලන ආයතන යළි ඇරඹෙයි

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජූනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.

252 වන අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල ප්‍රකාර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා විසින් මෙය නියමය කර ඇත.

1) මහා නගර සභා 27යි

2) නගර සභා 36යි

3) ප්‍රාදේශිය සභා 274 යි

පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කරනු ලැබූ තැන්පතු, මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි ආපසු ගෙවීමට තීරණය කර තිබේ.

2023 වර්ෂයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් තබන ලදී.

පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේ සම්මත වූ 2025 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතේ 2(3) වගන්තිය අනුව එම තැන්පතු සිදුකරනු ලැබූ තැනැත්තා වෙත ආපසු ගෙවිය යුතු යැයි දක්වා ඇත.

එමෙන්ම තැන්පතු සිදුකරනු ලැබූ තැනැත්තාට ඒ වෙනුවෙන් නිකුත් කර තිබූ ලදුපත නැවත්ත ඉදිරිපත් කළ යුතු වේ.

ඒ අනුව තැන්පත් කරන ලද ඇප මුදල් ආපසු ගෙවීම සඳහා,

•එකී ආඥා පනතේ 29(3) වන උප වගන්තිය යටතේ, ඇප තැන්පත් මුදල් භාර අවස්ථාවේ දී ඇප මුදල් තැන්පත් කරන ලද තැනැත්තා වෙත ලබාදෙන ලද ලදුපතෙහි මුල් පිටපත; හා

•ඇප තැන්පත් මුදල් ආපසු ඉල්ලීමේ ලිපියක්; සමඟ

ඇප මුදල් තැන්පත් කරන ලද අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත 2025.02.28 දිනට පෙර භාරදිය යුතු බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

2025.02.28 දිනට පෙර භාරදෙනු ලබන ඉල්ලීම් සඳහා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් අදාළ තැනැත්තන් වෙත ඇප තැන්පත් මුදල් ආපසු ගෙවීමට නොපමාව කටයුතු කරන ලෙසට වැඩිදුරටත් නිවේදනයෙන් දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments