Homeදේශීයසුගත් අද එයි

සුගත් අද එයි

අයවැයටත් නොසිට සිය පවුල සමග ඕස්ට්‍රේලියාවට ගිය ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න අද ආපසු ලංකාවට පැමිණීමට නියමිතය.
එහෙත් ඔහු ආපසු එන්නේ තනිවම බව වාර්තා වේ.

සිය බිරිඳ හා දරු දෙදෙනා ඕස්ට්‍රේලියාවේ නවත්වා සුගත් ආපසු ආවද ඔහු විසින් දැනටමත් ලබා සිටින ඕස්ට්‍රේලියානු පර්මනන්ට් රෙසිඩන්ට් වීසාව අනුව මාස කිහිපයකින් ආපසු එහි යනු ඇතැයි ඕස්ට්‍රේලියාවේ ඔහුගේ හිතවත්තු පවසති.

ඔහු මෙල්බර්න්හි Clyde ප්‍රදේශයේ නිවසක් මාසික කුලියකට රැගෙන තම දරු දෙදෙනා යාබද Clyde Secondary College වෙත ඇතුළත් කර ඇති බවත් බිරිය Disability care මධ්‍යස්ථානයක රැකියාවකට අනුයුක්ත කරනු ඇති බවත් පැවසේ.

මේ සඳහා මීට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින දමයන්ති දර්ශා හා ඇයගේ සැමියා උදව් කර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments