Homeදේශීයෆොන්සේකාගේ මරාගෙන මැරෙන බෝම්බ නඩුව අහයි

ෆොන්සේකාගේ මරාගෙන මැරෙන බෝම්බ නඩුව අහයි

2006 වසරේ කොළඹ යුද හමුදා මූලස්ථානය ඉදිරිපිටදී එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැණුනා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා.

එහිදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය සාක්ෂි ලබාදුන් දකුණු කොළඹ රජයේ රෝහලේ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. සුනිල් කුමාර මහතා සාක්ෂි ලබා දෙමින් ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන කාන්තාවගේ හිස අසල තිබූ ගසක එල්ලෙමින් තිබූ බවත් පාද දෙක තවත් ස්ථානයක තිබූ බවත් සඳහන් කළා.

මෙම සිද්ධියට අදාළව සාක්ෂිකාර වෛද්‍යවරයා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තා හා ඊට අදාළ ගොනු මහාධිකරණයට කැඳවා තිබුණද අතපසුවීමකින් එම වෛද්‍ය වාර්තාව සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින් එය සොයා ගන්නා තෙක් සාක්ෂිකාර වෛද්‍යවරයා සතුව තිබෙන ඡායාස්ථ පිටපතක් මත සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධය පළ කළ නමුත් එම විරෝධය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා එම ලේඛනය මත සාක්ෂි මෙහෙයවීමට අවසර ලබා දුන්නා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments