Homeදේශීයසුනිත්‍ය බලශක්ති අධිකාරිය අදානිගෙන් අඩුවෙන් සල්ලි අරන්

සුනිත්‍ය බලශක්ති අධිකාරිය අදානිගෙන් අඩුවෙන් සල්ලි අරන්

මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් පූනර්ජනනිය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමනවිට එම ව්‍යාපෘතිවල මුලික සංවර්ධන කටයුතු සදහා ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් රුපියල් මිලියන 261.7 මුදලක් වැයකර ඇති බැව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වනවා.

වැයකරණු ලැබු මෙම මුදල ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2022 වර්ෂයේ නොවැම්බර් මස 08 දිනැති ලිපිය මගින් අදාල ව්‍යාපෘති සංවර්ධකගෙන් ඉල්ලිම් කර තිබුණා.

පසුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ව්‍යාපෘති සංවර්ධකගෙන් ලැබිය යුතු මුදල රුපියල් මිලියන 112.5ක් ලෙස අඩුවෙන් මුල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් හෙළිදරව්කර තිබෙනවා.

එම මුදල අඩුකිරිම සම්බන්ධයෙන් අදාල ආයෝජකයා සමග ඇතිකරගත් එකගතාවයන් විගණනයට ඉදිරිපත්කොට නොමැති බවද විගණන වාර්තාවේ සදහන්.

වටිනාකම අඩුකරගැනිමට අදාල එකඟතාවයන් පිළිබද විස්තර නොපමාව විගණනය වෙත ඉදිරිපත් කළයුතු බවද විගණනය මගින් නිර්දේශකර තිබෙනවා.

මෙම බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියානු අදානි සමාගම වෙත පිරිනැම්ම සදහා 2022 මාර්තු මස 15 වැනිදින අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලබාදි තිබුණා.

ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර තිබෙන බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments