Homeදේශීයපොලීසියේ ඉන්න නීතිඥයින්ගේ සහාය ගන්න හදන හැටි

පොලීසියේ ඉන්න නීතිඥයින්ගේ සහාය ගන්න හදන හැටි

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත විභාගයක් හරහා සහකාර පොලිස් අධිකාරීවරුන් (ASP) 51දෙනෙකු පොලිසියට බඳවාගැනීමට නියමිතය.

මෙම පත්වීම් ඉක්මණින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ජනමාධ්‍ය වෙත පවසා ඇත.

සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 5 වැනි දින ආරම්භ වී ඇති අතර ලබන බදාදා අවසන් වීමට නියමිත බව ඔහු පවසා තිබේ.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ප්‍රතිඵල මත පදනම්ව අපේක්ෂකයන් 255 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බව ඔහු පවසයි.

“බඳවාගැනීමේ ක්‍රියාවලි නීතිරීතිවලට අනුව, සම්මුඛ පරීක්ෂණ සඳහා ආරාධනා කරන ලද අපේක්ෂකයන් සංඛ්‍යාව පුරප්පාඩු ගණන මෙන් පස් ගුණයක් විය යුතුයි. අපි මෙම සම්මුඛ පරීක්ෂණ ඉතා විනිවිදභාවයෙන් හා සාධාරණ ආකාරයකින් පවත්වනවා,” අමාත්‍යවරයා සඳහන් කරයි.

පොලිස්පතිවරයාට අනුව, දැනට ක්‍රියාත්මක වන සහකාර පොලිස් අධිකාරී සම්මුඛ පරීක්ෂණ සඳහා වැඩිම නීතිඥයන් සංඛ්‍යාවක් සහභාගී වන බව ඇමැති විජේපාල පවසයි.

දැනට සේවයේ නියුතු සහ නීතිඥයින් වීමට ඉගෙන ගන්නා අය ඇතුළුව පොලිසියේ දැනටමත් සැලකිය යුතු නීතිඥ සංඛ්‍යාවක් සිටින බැවින්, අධිකරණ නඩු වලදී පොලිසිය නියෝජනය කිරීම සඳහා අනාගතයේදී ඔවුන්ගේ සහාය භාවිත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය විජේපාල සඳහන් කරයි.

“වර්තමානයේ බොහෝ මහේස්ත්‍රාත් අධිකරණවල පොලිසිය වෙනුවෙන් පෙනීසිටින්නේ පොලිස් සැරයන්වරයා පමණයි. ඒ වෙනුවට, පොලිසියේ දැනටමත් සේවය කරන නීතිඥයින් පත්කිරීමේ අදහස මම යෝජනා කළා,” හෙතෙම පෙන්වාදෙයි.

මෙය මෙම අදියරේදී යෝජනාවක් පමණක් බවත්, ක්‍රියාත්මක කළහොත් අවශ්‍ය තනතුරු ගැලපීම් ඒ අනුව සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments