පින්නවල අලි අනාථාගාරය අද සිය 50වන සංවත්සරය සමරනු ලබනවා.
1975 වසරේ අලින් පස්දෙනකුගෙන් ආරම්භ කළ පින්නවල අලි අනාථාගාරයේ අද වන විට අලි ඇතුන් 69 දෙනෙකු රඳවා සිටින බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා පවසයි. පින්නවල අලි අනාථාගාරය සෑම දිනකම පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ නැරඹිය හැකි බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.