HomeදේශීයCCIB පොලීසියට අලුතින් එක්වෙයි

CCIB පොලීසියට අලුතින් එක්වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නොයෙකුත් විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනු ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන ගොනු, විමර්ශන සිදුවීම් විශාල වශයෙන් ඇති බවත් එම විමර්ශනයන් සඳහා යම් කාලයක් ගතවනු ඇති බැවින් ඒ සඳහා ගතවන කාලය අවම කර ගැනීමටත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කරගැනීමත් මෙහි අරමුණ වනු ඇත.

එමෙන්ම පසුගිය කාලයේදී සිදුවූ මූල්‍යමය අපරාධ, රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපල අවභාවිතාව නොයෙකුත් වංචනික ක්‍රියාවන් විමර්ශන කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහාද මෙම ඒකකය ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව මෙහි ඇති පළමු කාරණය ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය පරීක්ෂණ විමර්ශන යනුවෙන් නව තනතුරක් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය තීරණය කර තිබේ.ඒ සඳහා පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතායි.

ඒ අනුව මෙතෙක් කල් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා ඊට ඉහළින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කර ඇති අතර ඔහු යටතේ මූල්‍ය අපරාධ විමර්ශන දිශාව වශයෙන් නව දිශාවක්ද ආරම්භ කර තිබේ.

ඒ යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ නීතිවිරොධී වත්කම් විමර්ශන කොට්ඨාසය වශයෙන් කොට්ඨාස දෙකක් නැවත ප්‍රතිසංවිධානය කර ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ විමර්ශන මින් ඉදිරියට පිටුවන ලද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යටතට පත් වෙනු ඇත.

මේ යටතේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයක්, මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයක්, මූල්‍ය හා අපරාධ විමර්ශන අංශයක්, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයක්, තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයක්, අපරාධ හා අපරාධ බුද්ධි විශ්ලේෂණ අංශයක් ලෙස අංශ 6ක් මේ යටතේ ක්‍රියාත්මක වනු ඇත. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ එසේ මෙහි නියෝජ්‍ය පොලිස්පති ලෙස නීතිඥ නිහාල් තල්දූව පත්කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments