ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපනය කිරීමේ මූලික සැලැසුම සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.
නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරනු ලබන නියෝජිතයන් දෙදෙනෙකු, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, අධිකරණ සේවයේ එම විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුම ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපති විසින් නම් කරනු ලබන නියෝජිතයෙකු යන පිරිසෙන් සමන්විත වන සේ මෙම කමිටුව පත්කරන්නේ යැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මෙම කමිටුව මගින් මූලික සැලසුමට අදාළ සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් පසු මහ ජනතාවගේ හා සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීමට ද අධිකරණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ජාතික ජන බලවේගයේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි මෙම කටයුතු සිදුවන්නේ යැයිද මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන විමර්ශනයට අදාළ සාක්කිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා දුන් නිර්දේශය සමඟ ස්වාධීන අභිචෝදක කාර්යාලය කඩිනමින් ස්ථාපනය කරන්නැයි ජනමාධ්‍ය සමාජයෙන් හා සිවිල් සංවිධාන තලයේ විශාල බලකිරීමක් පසුගිය දා සිදුවිය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පසුගිය දා පැවසුවේ, මීට අමතරව නීතිපතිවරයා මහජන වගවීමට බැඳෙන නීති සංශෝධනයක් ද සිදුකිරීමට නියමිත බව ය.