අරාබි දිවියාගේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා අද (10) ගාලු මුවදොර හෝටලයේදී “Cat Walk 2025” නමින් පාගමනක් පැවැත්වීය.
ඒ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි රාජකීය තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙනි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, කොළඹ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන්, මාධ්‍ය නියෝජිතයින් සහ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය සහභාගී විය.
සෞදි අරාබිය විසින් යෝජනා කරන ලද සහ රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක් සම අනුග්‍රහය දක්වන ලද යෝජනාවක් හරහා 2023 ජුනි 12 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අරාබි දිවියාගේ ජාත්‍යන්තර දිනය නිල වශයෙන් සම්මත කරන ලදී.
වාර්ෂිකව පෙබරවාරි 10 වන දින සමරනු ලබන මෙම දිනය, දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අරාබි දිවියා පිළිබඳව දැනුවත් කිරීම සහ වනජීවී සංරක්ෂණය සහ ජෛව විවිධත්ව ආරක්ෂාවේ වැදගත්කම අවධාරණය කිරීම මෙම පාගමනේ අරමුණයි.