Homeදේශීයමුදල් විශුද්ධිකරණය වැළැක්වීමට නව කාර්‍ය සාධක බලකායක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට නව කාර්‍ය සාධක බලකායක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.

ඒ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතාගේ සභාපතීත්වයෙනි.

කාර්ය සාධක බලකායට තවත් සාමාජිකයින් 05 දෙනෙකු ද ඇතුළත් වේ.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර , කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්තත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම එම කාර්ය සාධක බලකායේ ඇතුළත්.

මීට අමතරව ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නෙලුමනී දවුලගල මහත්මිය සහ මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ. ඩී. ඩී. ඩී. අරන්දර මහතා එම කාර්ය සාධක බලකායට ඇතුළත් වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments