එළඹෙන පොසොන් පොහොය ආශ්‍රිත දිනවලදී දන්සල් සහ තොරණ සංවිධානය කිරීමේදී ඒ පිළිබඳව අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම අනිවාර්ය බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පවසයි.
අප කිසිසේත්ම දන්සල් පැවැත්වීම අධෛර්යමත් කරන්නේ නැහැ.අපට අවශ්‍ය කරන්නේ ඒවා විධිමත් සහ ක්‍රමවත් අයුරින් පැවැත්වීමටයි.
එබැවින් මෙම පොසොන් පොහොය සමයේ දන්සල් නිසි පරිදි සංවිධානය කිරීම සහතික කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් මැදිහත් විය යුතුයි,” යැයි ඔහු පැවසීය.



