Homeදේශීයතවදුරටත් පාර්ලිමේන්තුව තුළ විරෝධය පළකිරීමට විපක්ෂයේ තීරණයක්

තවදුරටත් පාර්ලිමේන්තුව තුළ විරෝධය පළකිරීමට විපක්ෂයේ තීරණයක්

උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම ප්‍රමාද කිරීම තුළ මතුව ඇති ගැටලු පිළිබඳව ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී පාර්ලිමේන්තුව තුළ ඉල්ලා සිටි විවාදය ලබා නොදීමට ක්‍රියා කිරීම ගැන අවධානය යොමු කළ මන්ත්‍රී කණ්ඩායම තවදුරටත් පාර්ලිමේන්තුව තුළ මේ සඳහා විරෝධය පළ කරන වැඩපිළිවෙලකට එකඟ විණි.

උපරිමාධිකරණ විනිසුරු පුරප්පාඩු පිරවීමට දිගින් දිගටම බලපෑම් සිදුකිරීම නීතියේ ආධිපත්‍ය හා සාධාරණත්වයට එල්ල වීඇති බරපතළ ප්‍රහාරය රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා කටයුතු කිරීම අවධානයට යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩපිළිවෙලක් සැකසීමට මන්ත්‍රී කණ්ඩායම එකඟ විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments