Homeදේශීයවන අලි සහ ග්‍රාමීය ජනතාව බේරගන්න ‘නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක්’

වන අලි සහ ග්‍රාමීය ජනතාව බේරගන්න ‘නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක්’

ලංකාවේ දැනට තියෙන ලොකුම සහ දරුණුම ප්‍රශ්නයක් වෙන ‘අලි-මිනිස් ගැටුම’ දැන් වෙන කවරදාකටත් වඩා දරුණු අතට හැරිලා. ගම්වල මිනිස්සු විතරක් නෙවෙයි, දැන් මේ ප්‍රශ්නෙ හින්දා ආණ්ඩුවේ ඇමතිවරුත් ඉන්නේ ලොකු පීඩනයක. අන්න ඒ නිසාම, මේ උග්‍ර වෙන අර්බුදයට තිත තියන්න පරිසර අමාත්‍යවරයා විසින් සකස් කරපු විශේෂ රහස් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා.

ආරංචියේ හැටියට, වන අලි සහ ග්‍රාමීය ජනතාව බේරගන්න ‘නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක්’ හදිසියේම කෙටුම්පත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ලැබිලා.

ඔයාලට මතක ඇති, 2020 අවුරුද්දෙදිත් ඔය වගේම අලි පාලනය කරන්න ජාතික ක්‍රියාකාරී සැලැස්මක් හැදුවා. හැබැයි අමාත්‍යවරයා කැබිනට් එකට කියලා තියෙන්නේ, ඒ පරණ ප්ලෑන් එකෙන් දැන් වැඩක් නැහැ, මොකද මෑත අවුරුදු ටිකේදී තත්ත්වය සෑහෙන්න වෙනස් වෙලා සහ උග්‍ර වෙලා තියෙනවා කියලා. ලංකාවේ ජනගහනය වැඩිවීම, සංවර්ධන වැඩ සහ හිතුමනාපෙට කැලෑ කැපීම නිසා අලින්ගේ කෑම බීම නැතිවෙලා, උන්ගේ පාරවල් මිනිස්සු අවහිර කරලා කියලා මෙතැනදී ලොකුවටම සාකච්ඡා වෙලා තියෙනවා.

කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස හෙළිකරපු තොරතුරුවලට අනුව, මේ ප්‍රශ්නය දැන් සුළුවෙන් තකන්න බැහැ. ලංකාවේ තියෙන පරිපාලන දිස්ත්‍රික්ක 25න් 19ක් පුරාම මේ අලි-මිනිස් ගැටුම පැතිරිලා ඉවරයි. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341න් 134කටම මේකෙන් දරුණු බලපෑම් එල්ල වෙලා තියෙනවා.

ගොසිප් එකට ලැබුණු අලුත්ම තොරතුරු අනුව, 2024 වසරේ කරපු රහසිගත වන අලි සංගණනයට අනුව ලංකාවේ වන අලි 7,450ක් විතර ඉන්නවලු. මේ අලි-මිනිස් රණ්ඩුව හින්දා අවුරුද්දකට මිනිස්සු වගේම අලිත් විශාල ගණනක් මැරෙනවා. ඒ විතරක් නෙවෙයි, අවුරුද්දකට දේපළ හානි වෙන සිදුවීම් 1,000කට වඩා වාර්තා වෙනවා කියලයි කියන්නේ!

කොහොම වුණත්, මේ දිනෙන් දින වර්ධනය වෙන මාරක ගැටුම නවත්තන්න ආණ්ඩුව මෙදා පාර සුපිරි ‘ගේම් ප්ලෑන්’ එකක් ගහන්නයි ලෑස්ති වෙන්නේ. බලමුකෝ මේ අලුත් සැලැස්මෙන්වත් අලින්ටයි මිනිස්සුන්ටයි නිදහසේ ඉන්න ලැබෙයිද කියලා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments