Homeදේශීයආරක්ෂිත ඩිජිටල් අනාගතයක් වෙනුවෙන් ‘විද්‍යුත් වත්කම් පිළිබඳ' විශේෂ දැනුවත් කිරීමේ සැසියක්.

ආරක්ෂිත ඩිජිටල් අනාගතයක් වෙනුවෙන් ‘විද්‍යුත් වත්කම් පිළිබඳ’ විශේෂ දැනුවත් කිරීමේ සැසියක්.

ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) සහ ඩිජිටල් වත්කම් (Digital Assets) ලෝකය පුරාම වේගයෙන්ම වෙනස් වෙන ට්‍රෙන්ඩ් එකක් වෙද්දී, ලංකාව ඇතුළෙත් මේ ඩිජිටල් සල්ලි සෙල්ලම ගැන ආණ්ඩුවේ ලොකු අවධානයක් යොමුවෙලා තියෙනවා කියලා අපිට ඇතුළෙන් ආරංචි වෙනවා. අන්න ඒ නිසාම, දේශීය නියාමන රාමුව මේ අලුත් ප්‍රවණතාවලට ගළපන්න ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) එකතුවෙලා විශේෂ වැඩක් පටන් අරන්.

ආරක්ෂිත ඩිජිටල් අනාගතයක් වෙනුවෙන් ‘විද්‍යුත් වත්කම් පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ සැසියක්’ මේ දෙගොල්ලෝ එකතුවෙලා පවත්වලා තියෙන්නේ මෙතෙක් ලංකාවේ මේ විෂය ගැන තිබුණු නීතිමය හිස්තැන් පුරවන්නයි.

ලැබෙන තොරතුරු අනුව, මේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුවෙලා තියෙන්නේ ආසියාවේ ඩිජිටල් වත්කම්වලින් ඉහළින්ම ඉන්න සිංගප්පූරුව, හොංකොං, තායිලන්තය සහ මැලේසියාව වැනි කලාපීය මධ්‍යස්ථාන දිහා බලලා. ඒ රටවල් මේ ඩිජිටල් වත්කම් පාලනය කරන්න සහ නීතිමය රාමුවලට ඇතුළත් කරන්න පාවිච්චි කරපු සාර්ථක උපායමාර්ගික ක්‍රමවේදයන්, ලංකාවේ පරිසරයට ගැළපෙන විදිහට කොහොමද උපයෝගී කරගන්නේ කියන එක ගැන මෙතැනදී ලොකුවටම කතාබහ වෙලා තියෙනවා.

මේ සැසිය නිකන්ම කතාබහකට විතරක් සීමාවෙලා නැහැ. ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද, මේවාට සම්බන්ධ වෙන ආයතනවල වගකීම් මොනවාද සහ ශ්‍රී ලංකාවට ගැළපෙන විධිමත් නියාමන මාර්ග සිතියමක් සකස් කරන්නේ කොහොමද කියන තීරණාත්මක සාකච්ඡාවකින් තමයි මේ වැඩේ ඉවර වෙලා තියෙන්නේ.

කියන විදිහට නම් ඉස්සරහට ලංකාවේ ඩිජිටල් සහ විද්‍යුත් වත්කම් සම්බන්ධයෙන් ලොකු නීතිමය වෙනස්කම් ටිකක් බලාගන්න පුළුවන් වෙයි වගේ. මොකද හැමදාම ට්‍රෙන්ඩ් එකට පිටිපස්සෙන් ඉන්න ලංකාව, මෙදා පාර ගෝලීය ඩිජිටල් ප්‍රවණතා එක්ක එකට යන්නයි මේ ලෑස්ති වෙන්නේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments