Homeදේශීයවිජිත සහ ආනන්දගෙන් රවීට දොස්.

විජිත සහ ආනන්දගෙන් රවීට දොස්.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සිය ධූරයේ කටයුතු කිරීමේදී සිදු කරන ලද අඩුපාඩු පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී දෙවරක් කතාබහට ලක්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින්ම ස්ථාවර නියෝග විසි හත දෙක යටතේ විදෙස් සංචාරකයින්ගෙන් බදු අය කිරීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍ය විජිත හේරත් පිළිතුරු ලබා දුන්නා.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම අඩුපාඩුව සකස් කිරීමට ඔබ මුදල් අමාත්‍ය ධූරය දරන සමයේ නොහැකි වූයේ මන්ද යන්නයි.

අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අමාත්‍යංශ නිවේදන යටතේ ප්‍රකාශයක් සිදුකරන අවස්ථාවේ විනිමය පාලන පනත සංශෝධනයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් සිදුකළ වරද වත්මන් රජය නිවැරදි කරමින් සංශෝධනය කරන බවද පැවසීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments