Homeදේශීයසරණ හිරේට

සරණ හිරේට

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර හතර බැගින් කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කෙරිණි.

ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධනට රුපියල් ලක්ෂ 18 ක දඩයක්ද අධිකරණය විසින් නියම කළේය.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීමයි.

ඔහුට එරෙහිව තීන්දුව දුන් විනිසුරු මොහොමඩ් මිහායිල් පවසා සිටියේ මෙවැනි රාජ්‍ය දූෂණ රටේ ආර්ථික බංකොලොත්භාවයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

විත්තිකරු කළ සහන ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අධිකරණය, රාජ්‍ය සම්පත් විනාශ කරන දූෂිතයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments