Homeදේශීයලංකාවේ ක්‍රියාත්මක වැඩිහිටි නිවාස 456ක් අතුරින් 300කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී නෑ.

ලංකාවේ ක්‍රියාත්මක වැඩිහිටි නිවාස 456ක් අතුරින් 300කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී නෑ.

ශ්‍රී ලංකාවේ දැනට පවත්වාගෙන යන වැඩිහිටි නිවාස 456ක් අතුරින් 300කට අධික ප්‍රමාණයක් මෙතෙක් ලියාපදිංචි වී නොමැති බව වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය තහවුරු කරයි.

එම කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුන් පවසා ඇත්තේ නිසි පරිදි ලියාපදිංචි වී නියමිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වාගෙන යනු ලබන්නේ වැඩිහිටි නිවාස 148ක් පමණක් බවයි.

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස කඩිනමින් ලියාපදිංචි වී, නියමිත මාර්ගෝපදේශයන්ට අනුකූලව ඒවා පවත්වාගෙන යන ලෙස මීට පෙරද හිමිකරුවන්ට දැනුම් දී තිබිණි..

කෙසේ වුවද, ඔවුන් ඒ සඳහා මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව වාර්තා වේ.

මේ හේතුවෙන්, එම වැඩිහිටි නිවාස ලියාපදිංචි කිරීම සඳහා ඉදිරියේදී නිශ්චිත කාලසීමාවක් ලබාදීමට ජාතික මහලේකම් කාර්යාලය තීරණය කර ඇත.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ ඇමැති උපාලි පන්නිලගේ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණයට එළැඹ තිබේ

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments