Homeදේශීයහර්ෂ නැති සජබ ආර්ථික කමිටු නියෝජිතයෝ

හර්ෂ නැති සජබ ආර්ථික කමිටු නියෝජිතයෝ

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ව්‍යාපාරික ප්‍රජාවේ අනාගතය පිළිබඳව මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් සමඟ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා ඇත.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහි විශේෂත්වය වන්නේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවේ ප්‍රධානියා සේ සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගී නොවීමයි.

එපමණක් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම මිතුරා මෙන්ම දේශපාලන උපදේශකයා වන ලක්ෂ්මන් ෆොන්සේකා ඉදිරිපෙළ අසුන්ගෙන සිටිනු දක්නට ලැබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments