Homeදේශීයඅද ලංකාවේ ප්‍රතිපත්ති රාමුවඅතීතයට වඩා බෙහෙවින් ශක්තිමත්. IMF

අද ලංකාවේ ප්‍රතිපත්ති රාමුවඅතීතයට වඩා බෙහෙවින් ශක්තිමත්. IMF

“ගෝලීයව ඇති වී තිබෙන
කම්පනය මඟ හැරීම කිසිසේත්ම පහසු නැත.
නමුත් අද ලංකාවේ ප්‍රතිපත්ති රාමුව
අතීතයට වඩා බෙහෙවින් ශක්තිමත් ය.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
විස්තීර්ණ ණය පහසුකම යටතේ පස්වන සහ හයවන සමාලෝචනය ලබන සතියේ දී සලකා බැලීමට නියමිත බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා – පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා බලධාරීන් පසුගිය වසර කිහිපය තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යතා තත්ත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩ නැගීම සහ විශ්වාසය ශක්තිමත් කිරීම යන කාරණාවල දී සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද ඒ මහතා පවසයි.

මේ තත්ත්වය රටේ මහජනතාව සහ ආයෝජකයන් හදුනාගෙන ඇති බව පවසන ශ්‍රී නිවාසන් මහතා, එය ආර්ථිකය ශක්තිමත් පදනමක් මත තැබීමට උපකාරී වනු ඇති බවද පවසයි.

කෙසේ වෙතත්, ගෝලීයව ඇති වී තිබෙන තත්ත්වය බොහෝ ආර්ථිකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද බලපා ඇති බව ඔහු අවධාරණය කර තිබේ.

“මෙම කම්පන මඟ හැරීම කිසි විටෙකත් සරල නැත. නමුත් අද ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති රාමුව අතීතයට වඩා සැලකිය යුතු ලෙස ශක්තිමත් ය;” ශ්‍රී නිවාසන් මහතා පවසයි.

ස්ථාවර ප්‍රතිපත්ති දිශාවක් පවත්වා ගැනීම සහ වෙනස්වන තත්වයන්ට අනුවර්තනය වීමට ආර්ථිකයට ඉඩ දීම ප්‍රගතිය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කර තිබේ.

ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට යන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීප සම්බන්ධතාවයක් අඛණ්ඩව පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments