දෙමළ ජනතාව වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමැති හඬ අවදි කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ප්‍රකාශ කර තිබේ.
තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) හමුවීම සඳහා මේ දිනවල චෙන්නායි නුවරට ගොස් සිටින මන්ත්‍රී අර්ච්චුනා, TVK අමාත්‍ය රාජ්මෝහන් මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන්කර ඇත.
කෙසේ නමුත් මේ දක්වා ඔහුට විජේ හමුවීමට අවස්ථාවක් ලැබී නොමැති බව වාර්තා වේ.



