වසර පනහකට පෙර සිට කරලියට ආ කෘතිම බුද්ධිය (Artificial Intelligence -AI) පසුගිය වසර කිහිපය තුල සාමාන්‍ය ජනතාව
අතර භාවිතයට එක්වී ඇත.
මිනිසාගේ මොලය හා මතකය භාවිත කර කරනු ලබන දත්ත සැකසීම සදහා පරිගණක මූලික වශයෙන් භාවිත වූ අතර AI වලදී සිදුවනුයේ මිනිසාගේ දැනුම් පදනම් කරගෙන සිතීමේ ශක්තිය හා තීරණ ගැනීමේ හැකියාව විවිධ මට්ටම් වලින් පරිගණකය හරහා ලබා දීමය. ඒ අනුව වෛද්‍යවරයකු මෙන් උපදෙස් ලබා දීම ආදී වශයෙන් විවිධ භාවිතයන් සඳහා AI භාවිත කරනු ලබයි.
මෙම AI භාවිතය විශාල ලෙස මිනිසාට හා ලෝකයට හිතකර ප්‍රයෝජන ලබා දුන්නද ඒ මගින් යම් අභියෝග ද ඇති කරනු ලබයි. ඩිජිටල් සම්පත් හිමි හා අහිමි පංති පරතරය එනම් ඩිජිටල් පංති බේදය හෝ Digital Divide වල නව ස්වරූපය වන කෘතිම බුද්ධියේ පංති බේදය ( AI Divide) මෙහිදී දියුණු වෙමින් පවතින රටවලට මෙන්ම ලොව දියුණු රටවලටද යම් අභියෝග ඇති කරනු ලබයි. එමෙන්ම මේ පිළිබද ප්‍රතිපත්ති, නියාමනයන් මෙන්ම නීතිරීති නොමැතිකම නිසා විශාල ගැටලු අනාගතයේදී ඇතිවිය හැක.
මේ නිසා AI දියුණුවේ ප්‍රතිලාභ ලෝකයේ සැමට සමාන ලෙස ගලා යාමටත්, වඩාත් ආරක්ෂිතව AI භාවිතයට ගැනීමටත්, AI භාවිතය තුල මානව හිමිකම් සුරැකීම මෙන්ම AI භාවිතය තුල මානුෂීක අධීක්ෂණය, AI පිලිබද ප්‍රතිපත්ති හා නීති රීති සැකසීම මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව ගොඩ නැගීම ඉලක්ක කරගැනීමට ලෝකයටම අවශ්‍යව ඇත.
2024 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත ගෝලිය ඩිජිටල් සම්මුතිය (UN Global Digital Compact) තවදුරටත් ඉදිරියට ගෙන යමින් උක්ත අරමුණු සාක්ෂාත් කරගැනීමට AI Governance පිළිබදව ලෝක මට්ටමේ සංවාදයක් (UN Global Dialogue on AI Governance)2026 ජුලි මස 6-7 දිනවල ස්විට්සර්ලන්තයේ ජිනිවා හිදී පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු යොදා ඇත.



