Homeදේශීයමැතිසබේ තැඹිලි පැහැයට

මැතිසබේ තැඹිලි පැහැයට

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීමක් ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් තැඹිලි පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට අද පැමිණ සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල ලාංඡන පැළඳවීමට කටයුතු කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගෞරවණීය ලෙස ජීවත් වීම මනුෂ්‍ය හිමිකමක් බව ලෝකයම පිළිගන්නා කාරණයක් වන බවයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 වැඩසටහන අදින් ආරම්භ වන අතර එය දෙසැම්බර් 10 දක්වා පැවැත්වෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments