ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථානුකුලව පැවරී ඇති බලතල යටතේ වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී. ධර්මපාලට තවත් සති දෙකක සේවා දිගුවක් ලබාදී ඇත.
ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත ඔහු වෙත වැඩ බැලීමේ තනතුර සඳහා ලබාදී තිබු මාස 06 කාලය අවසන්විය.
ඒ අනුව වැඩබලන විගණකාධිපතිවරයාගේ සේවා කාලය තවත් මාස තුනකට දීර්ඝ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සභාපති සහ පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා රැස්වී තිබිණ.
එහිදී ව්‍යවස්ථාදායක සභාවේ සිව් දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇති අතර සාමාජිකයින් පස් දෙනෙකු යෝජනාවට එරෙහිව ඡන්දය ලබා දී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා සහ සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයින් තිදෙනෙකු වන ආචාර්ය අනුලා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ දිනේෂා සමරරත්න නිර්දේශයට විරුද්ධව ඡන්දය ලබා දී ඇත්තේ, මාස ගණනාවක් තිස්සේ දිගින් දිගටම වැඩ බැලීම සඳහා යෝජනා ඉදිරිපත්වීමට විරෝධය පළකරමිනි.
ජාතික වශයෙන් අතිශයින් වගකීම් සහගත තනතුරක් වන විගණකාධිපති ධුරයට ස්ථිර නිලධාරියකු පත්කිරීමේ වැදගත්කම යෝජනාවට එරෙහිවූ සාමාජිකයින් විසින් අවධාරණය කර ඇතැයි වාර්තාවේ.



