මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා දහතුන් දෙනෙකු පත්කර ඇත.
කාර්ය මණ්ඩලය මෝටර් රථ තුනක් සහ
ඩබල් කැබ්රථයක් භාවිතයට ගනු ලබන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්.
මෙම වාහන සඳහා ඉන්ධන දීමනා වශයෙන් රුපියල් තුන් ලක්ෂ විසිඑක්දහස් හයසිය පහක මුදලක් මාසිකව වැය කරනු ලැබෙයි.කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා වෙනුවෙන් මාසිකව රුපියල් 758,886ක මුදලක් වැය කරනු ඇත.මේ අනුව අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සියලු වියදම් වාර්ෂිකව රුපියල් මිලියන 12.96කි.



