Homeදේශීයපියයුරු ස්වයං පරීක්ෂාව පිළිබද පණිවිඩය මහජනතාව අතරට

පියයුරු ස්වයං පරීක්ෂාව පිළිබද පණිවිඩය මහජනතාව අතරට

පියයුරු ස්වයං පරීක්ෂාව පිළිබද පණිවිඩය මහජනතාව අතරට ගෙන යාම වෙනුවෙන් පැවැත්වෙන දිවයිනේ ප්‍රථම ජාතික මට්ටමේ තුන් ඉරියව් තරග මාලාව (TLC ) 2025 වසරේ සාර්ථකව අවසන්ව ඇත.

සෑම දිනකම ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකුගේ ජීවිත බිලිගන්නා රෝගයක් ලෙස පියයුරු පිළිකා හඳුනාගෙන ඇත.

ඒ අනුව පියයුරු පිළිකාවෙන් දිනපතා ජීවිත කෙටි කරන මව්වරුන්, සහෝදරියන්, භාර්යාවන් දියණියන්ගේ ජිවිත ආරක්ෂා කිරීම පිණිස වයස අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂණයක් කළ යුතුය යන පණිවිඩය ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත කිරීම මුලික අරමුණ කරගෙන පිහිනීම ,බයිසිකල් පැදීම සහ දිවීම යන ක්‍රීඩාවල එකතුවෙන් කිලිනොච්චිය, මඩකලපුව, මාතර සහ කොළඹ යන නගර හතර කේන්ද්‍රකර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කෙරිණි.

මෙලෙස පැවැත්වූ ට්‍රයැතලෝන් තරඟය ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පියයුරු පිළිකා දැනුවත් කිරීම උදෙසා සංවිධානය කළ විශාලතම වැඩසටහන ලෙස ඉතිහාසයට එක්විය.

ඉන්දිරා පිළිකා භාරයේ මුලිකත්වයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන් මාලාවේ අවසන් අදියර කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය , ඉන්දිරා පිළිකා භාරයේ නිර්මාතෘ හිටපු කතානායක කරූ ජයසුරිය මහතා ,රොෂාන් මහානාම පදනමේ නිර්මාතෘ රොෂාන් මහානාම මහතා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) , සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික පිළිකා පාලන වැඩසටහන, වෘත්තීය වෛද්‍ය විද්‍යාල සහ රොටරි, සිංහ, රතු කුරුස, බාලදක්ෂ සහ ගර්ල් ගයිඩ්ස් ඇතුළු ප්‍රජා හවුල්කරුවන්ගේ සහයෝගයෙන් සාර්ථකව පැවැත්විණි.

ක්‍රීඩා ඉසව්වලට අමතරව පියයුරු පිළිකාවේ මුල් සලකුණු සඳහා ස්වයං පරීක්ෂා කිරීම සඳහා ඇති ඵලදායි ක්‍රමයක් වන TLC (TOUCH /LOOK /CHECK ) ක්‍රමය පිළිබඳව සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ පුහුණු ස්වෙච්ඡා සේවකයන් විසින් සජීවී නිරූපණ ද උපයෝගී කරගනිමින් සහභාගී වන්නන් දැනුවත් කෙරිණි.

තව ද මෙහිදී පියයුරු පිළිකාව සමග සටන් කර ජිවිතයෙන් සමුගත් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ දියණිය වන ඉන්දිරා ජයසූරිය මහත්මිය සිහිකිරීම උදෙසා පිහිටවනු ලැබූ ඉන්දිරා පිළිකා භාරයට විශේෂ ස්තුතිය පිරිනැමුණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments