ලංකාවේ විශාලතම සමූපකාරය වන බෙරලපනාතර සමූපකාර සමිතියේ ඡන්ද විමසීම අද පැවැත්විණි.
හක්මන හා දෙනියාය ආසන වල කොටස් සහිත මෙම සමූපකාරයේ ඡන්ද හිමි සාමාජිකයින් ප්‍රමාණය 51,000ට අධික බව සඳහන්.
මෙම සමූපකාර ප්‍රතිපලය යනු මාතර දිස්ත්‍රික්කයේම ප්‍රතිපලය ට සමාන ලෙස හැඳින්විය හැකිබව බොහෝ පිරිසකගේ අදහසයි.
අද පැවැත්වූ ඡන්දයට පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති වරයා වන විජිත රන්ගමගේ නියෝජනය කරන කොට්ඨාසයත් අන්ත පරාජයකට ලක්වී ඇත.
මැයි මාසයේ පැවැත්වූ පළාත් පාලන ඡන්දයේදී මෙම සමූපකාර බල ප්‍රදේශයට අයත් පස්ගොඩ ප්‍රා.සභාව මාලිමාව 48%ක් ලබාගත් අතර හක්මන ප්‍රා.සභාව 45%ක් ලෙස මාලිමාව ජයග්‍රහනය කරන ලදි.
කාරක සභිකයින් 99ක් තෝරා ගැනීම සඳහා අද පැවැත්වූ නිලවරණයෙන්
84ක් ඒකාබද්ධ විපක්ෂයටත්
15ක් මාලිමාවටත්
ලෙස හිමිව තිබේ.



