Homeදේශීයඅනුරාධපුර බන්ධනාගාර අධිකාරී CID අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී CID අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකුව ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා තිබේ.
මෙම සිද්ධිය පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා විසින් පාර්ලිමේන්තුවේදී මතුකිරීම හේතුවෙන් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යයේ වැඩි අවධානයක් හිමිවිය.
අත්අඩංගුවට ගත් සැකකාර අනුරාධපුර බන්ධනගාර අධිකාරිවරයා අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments